දක්ෂ විලසින් සැලසුම් කරගෙන  | Daksha Wilasin Salasum Karagena (Lyrics) Anton John

දක්ෂ විලසින් සැලසුම් කරගෙන | Daksha Wilasin Salasum Karagena (Lyrics) Anton John

දක්ෂ විලසින් සැලසුම් කරගෙන කල දේ නමුත් වරදුන සතුටින් සිටියාද ඒ අය ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතයක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය දක්ෂ කමට සැම - එදා කෙරුවෙ මෝඩ කම ලක්ෂ හතරෙ හොරකම - ගැන කියදවා අද මම කෑ මොර ගහගෙන - සිරිලකේ පැතිරුන මේ හොරකම ගැන - කවුරුත් දනී අද දින ස්පෙක්ටර් වෙස් ගෙන - යුනිෆෝම් එකක් ඇදගෙන කෝස් එකට ඒ දින - ගියාළු රථය පැදගෙන රථය පැදෙව්වේ - කුරුදු වත්ත දිසාවේ පාරක් සෙව්වේ - මහතගෙ කරුමෙට ආවේ පුත්තලම දිසාවේ - අලිකොටි වසන කැලෑවේ ජොන් සිල්වා ගෙනාවේ - ගහකට තියාලා වෙළුවෙ ජෝන් සිල්වා කැලෑවේ - තනිවෙලා මොනවද කිව්වේ මේකටද යාළුවේ - උඹලා මාව ගෙනාවේ දරුවො ඇති පියා අහින්සක ජෝන් අයියා දෙවියන්ට කිය කියා කැලෑවෙ පණගියා ජෝන් සිල්වට කලදේ - ගිණි ඇවිලෙයි හර්දේ මේ කල අපරාදේ - පර ලෝකෙදි පලදේ ජෝන් සිල්වා මරාලා - පවුලක් වනසාලා මිණි මරුට සැම කලා - ඉන්නට හැකිද බේරිලා