~හෙමින් සැරේ පියා විදා ~ බටනළා වාදනයක් | Hemin sare piya wida - Flute cover හෙමින් සැරේ පියා විදා... හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමල රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර දියෙන් උපදින නැවුම් වත්සුණු රොනින් මත් වී සිහින නිම්නය සුපුෂ්පිත වෙයි සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිරි යහනේ ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර සංගීතය : ප්‍රේමසිරි කේමදාස පද රචනය : ධර්මසේන පතිරාජ 1980 දී තිරගතවූ හංස විලක් චිත්‍රපටය සඳහා ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනාකල ගීතයකි. මෙහි ගේය පද රචනය ධර්මසිරි පතිරාජයන් සහ සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙනි.