#SinhalaLamaGeetha #LamaGee #SinhalaKidsSinhala @LamaMadura #lamamadura "සකල බුජං" සිංහල ළමා ගීතය 1960 දශකයේදී එළි දැක්වූ අතර මෙම ගීතයේ මුල් ගායනය සඳහා ශිරෝමි ප්‍රනාන්දු මහත්මියත්, පද රචනය සහ ගීතය සංගීතවත් කිරීම සඳහා මෙල්රෝයි ධර්මරත්න මහතාත් දායක වී ඇත. Song Lyrics: සකල බුජං කොට කලිසං තමයි අඳින්නෙ වතු පිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නෙ සකල බුජං කොට කලිසං තමයි අඳින්නෙ වතු පිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නෙ සකල බුජං අහිංසකයි අහිංසකයි වුනාට හරිම කඩිසරයි සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ වයස අටයි පොඩි කොල්ලා පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා අම්ම නැතී අප්ප නැතී පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරමයි ගොරවනකොට හරිම බයයි කන් වසාගනී එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදාගනි ගොරවනකොට හරිම බයයි කන් වසාගනී එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදාගනි වළං පිඟන් හෝදනවා අපේ ළිඳෙන් වතුර අදිනවා සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජං අහිංසකයි අහිංසකයි වුනාට හරිම කඩිසරයි