Chanchala Hagumaka, චන්චල හැඟුමක, Sanka Dineth

Chanchala Hagumaka, චන්චල හැඟුමක, Sanka Dineth

ගායනය - සන්ක දිනෙත්, නිර්මාණය - නදී නිසංසලා sung by Sanka Dineth Created by Nadee Nisansala ...... චංචල වී හැඟුම් රැයක්ගානේ කඳුළැල් දෙනවාමයි හඳපානේ පායා දියවී යන දේදුන්නේ දියවී යනවා ඔය ආදරේ ඔබ ආ ලෙසටම ආයෙ වෙන්වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ කඳුලට ඇයි අඩගසන්නෙ හඳපානේ යස එළිමහනේ රස තියෙද්දි ආදරේ දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ මිරිඟුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරැවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ // පැන සීමාවන් රස බලද්දි ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ // ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක්කෙරැවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරැවේ // දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනාසේ // ඔබ කී ලෙසටම ආයේ පාලුව නම් ලං වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ