හිමින් සැරේ පියා විදා හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමල ආ රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර ආ දියෙන් උපදින හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් නැවුම් වත්සුනු රොනින් මත් වී සිහින නිම්නය ආ සුපුෂ්පිත වෙයි සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා ආ පවුරු සිරි යහනේ හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් Artist: Dr. Premasiri Kemadasa Featured artists: Sunila Abeysekara, T M Jayarathna Album: Golu Hadawathin Tunvani Yamayata