ගර්භණී ඔබගේ පැනයට පිළිතුරුV | My VOG Q&A | Dr A.M.S. Jayasiri | Health Tips | Q&A Program |My VOG Q&A වැඩසටහන • 05 වන වැඩසටහන -දරුවකුගේ උපත් බර තීරණය වන කරුණු... 0:51 දරුවකුගේ උපත් බර තීරණය වන කරුණු.. 2:21 පළමු වැනි දරුවා අධි බර දරුවකු නම් දෙවැනි දරුවා ද අධි බර දරුවකු විය හැකි ද... දරු ප්‍රසූතියෙන් පසු පළමු වැනි දරුවා අධි බර දරුවකු බවට පත් වුවහොත් මව්වරුන් තුළ පවතිනා ගැටලුවක් වනුයේ දෙවැනි දරුවාත් අධි බර දරුවකු බවට පත් වේවි ද යන්නයි. බොහෝ මව්වරුන්ට පවතිනා මේ ගැටලුව පිළිබඳ අපි සලකා බලමු. දරුවකුගේ උපත් බර තීරණය වන කරුණු... 01. දරුවකුගේ උපත් බර නිර්ණය කිරීමට පවතිනා පළමු වැනි සාධකය වනුයේ දෙමව්පියන්ගේ උස හා බරයි. (උදාහරණයක් ලෙස හැඩිදැඩි මව්වරුන්ට බරින් වැඩි දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි අතර ශරීර බරින් හා උසින් අඩු මව්වරුන්ට එවැනි දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි වීම) 02. එසේම දෙවනුවට පෝෂණ මට්ටම සැලකිය හැකි අතර ගර්භණී සමයේදී මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ වූ විට උපදින දරුවාගේ උපත් බර වැඩි වීම. 03. එලෙසම තෙවැනුවට පරිසර සාධක ද යම් ප්‍රමාණයකින් දරුවකුගේ උපත් බර තීරණය වීමට බලපායි. ඉහත කරුණු තුනට අමතරව දරුවකුගේ උපත් බර වැඩි වීමට තවත් සංකූලතා පවතී. විශේෂයෙන්ම දියවැඩියාව පවතිනා ගර්භණී මවක් දියවැඩියාව පාලනය කර නොගතහොත් අධි බර දරුවකු ලැබීම. පළමු වැනි දරුවා අධි බර දරුවකු නම් දෙවැනි දරුවා ද අධි බර දරුවකු විය හැකි ද... ඇත්තෙන්ම පළමු වැනි දරුවා අධි බර වූ පමණින් දෙවැනි දරුවා අධි බර දරුවකු වීමේ නියමයක් නැත. එහෙත් එවැනි දෙයක් විය හැකි මෙන්ම විය නොහැකි සම්භාවිතාවක් ද පවතී. වැඩි වශයෙන් පළමු දරුවා අධි බර, ශරීරයෙන් විශාල දරුවකු වී දෙවැනි දරුවා බරින් අඩු, ශරීර ප්‍රමාණයෙන් කුඩා දරුවකු විය හැකිය. ඊට ප්‍රධාන හේතුවක් වනුයේ පළමුවෙන්ම ලැබෙනා දරුවාට මව්පියන්ගේ වැඩි අවධානයක් යොමු වන අතර ඔවුන් හැකි උපරිමයෙන් පෝෂණය කරමින් රැක බලා ගැනීමයි. දෙවැනි දරුවාට පළමු වැනි දරුවා මෙන්ම සැලකිලි ලැබීමේ අඩුවක් පවතිනා හෙයින් මෙලෙස බර අඩු, ශරීරයෙන් කුඩා දරුවකු බවට පත්වේ. Q&A Program • Episode 04 Program Content 0:51 Factors that determine the birth weight of a child.. 2:21 If the first child is an overweight child, can the second child also be an overweight child.. Special Thanks Dr. A.M.S. Jayasiri MBBS, MSOG, SLCOG, Dip in USS (OBS/GYN) Consultant Obstetrician & Gynaecologist Program Presenter • Miss. Hansika Pelpita Camera • Thisira Kumara Editor • Chathuranga Liyanaarachchi Studio • Media Gate Studio. Production • My VOG Production Website • http://myvog.lk/ Follow on Social Media • YouTube - / @myvog4992 • Facebook - / myvog • Twitter - / myvoglk • Instagram - / myvog.lk © by My VOG Production. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, and recording. All content belongs to the My VOG Production. #myvog #health_tips #QAprogram #birth weight