මගේ හදවත හැදිනගත් ඔබ -කුමාරසිරි පතිරණ  (Mage Hadawatha - Kumarasiri Pathirana)

මගේ හදවත හැදිනගත් ඔබ -කුමාරසිරි පතිරණ (Mage Hadawatha - Kumarasiri Pathirana)

මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා.. මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියූ ඔබ එපා.. සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා. මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා.... ඔබ රකින්නට සැරසුනේ මං නා රජෙකු සතු මැණික මෙන්. ඔබේ පසුපස මනෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දෙයින්. ඒත් ඔබටම එපා වූ මා නැවත එනු නෑ ඔබ බලන්. රහසේ කුමරෙකු සිටියේ ඔබගේ ඔහුව රැකු මැන සෙනෙහසින්.... සැක කලේ ඔබ සැර කලේ මා හදාගන්නයි හැම හොදින්.. මගේම කියලා මගේම සිතලා ඔබට බැදි ඒ ආදරෙන්... මටත් හොරා ඔබ තැනූ ලෝකයේ සවිමත් අතු දැන් බිදී ගිහින් ඉතින් ලංවෙනු එපා ඔබ මට නිමාවෙන තුරු මේ භවෙන්..... ගායනය /පද රචනය /සංගීතය -කුමාරසිරි පතිරණ